
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම දියණිය සම්බන්ධ පෞද්ගලික සිදුවීමක් පෙන්වාදෙමින් මහාරාෂ්ට්‍රයේ පාසල්වලට සතිපතා ‘සයිබර් කාල පරිච්ඡේදයක්’ හඳුන්වාදෙන ලෙස බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් ඉල්ලීමක් කර තිබේ.
උත්සවයකදී අදහස් දක්වමින් ආක්ශේ කුමාර් පවසා ඇත්තේ, තම දියණිය නාඳුනන පිරිසක් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ වීඩියෝ ක්‍රීඩාවක නිරත වී සිටියදී ඇය පිරිමි හෝ ගැහැණු දැයි විමසන පණිවිඩයක් ලැබී ඇති බවයි.
‘ගැහැණු’ යනුවෙන් පිළිතුරු දීමෙන් පසු, ඇයට නිරුවත් ඡායාරූප යොමුකරන ලෙස ඉල්ලමින් පණිවිඩයක් ලැබී තිබුණු බව ඔහු පවසයි.
එහිදී ආක්ශේ කුමාර් පවසා ඇත්තේ, තම දියණිය වහාම ක්‍රීඩාව නවතා ඒ සම්බන්ධයෙන් ඇගේ මවට දැනුම් දී ඇති බවයි.
“දේවල් ආරම්භ වන්නේ මෙහෙමයි. මෙය සයිබර් අපරාධයේ කොටසක් ද,” ආක්ශේ කුමාර් පැවසුවේ ඒ පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමිනි.
“අපේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, හත්වන, අටවන, නවවන සහ දහවන ශ්‍රේණිවල සෑම සතියකම, සයිබර් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයක් තිබිය යුතුයි, එහිදී දරුවන්ට ඒ පිළිබඳව පැහැදිලි කළයුතු බවත් මම මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙම අපරාධය වීදි අපරාධවලට වඩා විශාල වෙමින් පවතින බව ඔබ සැවොම දන්නවා. මෙම අපරාධය නැවැත්වීම ඉතා වැදගත්.” ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart