
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධීව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ඊයේ (02) නියෝග කළේය.
වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2014 වසරේ ජූලි 24 වැනිදා ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී තිබේ. මෙම විමර්ශනයට අදාළව 2016 වසරේ සිට නෙවිල් වන්නිආරච්චිගෙන් තොරතුරු ඉල්ලා ඇතත් ඔහු තොරතුරු ලබාදීම දිගින් දිගටම මඟහැර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
සැකකාර නෙවිල් වන්නිආරච්චි දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට සහාය නොදීම එසේම වත්කම් සම්බන්ධයෙන් පවතින නඩු පහකට සැකකරු වරද පිළිගැනීම මෙන්ම දිගින් දිගටම කළ නියෝගවලට පටහැණිව ක්‍රියා කිරීම වැනි කාරණා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.
සැකකරු නීති විරෝධීව ඉපයූ බව පැවසෙන දේපළ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ගොනුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
සැකකරු 2014 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ සැකකරු ලබාදී නැති බවත් වසර අටක් තිස්සේ සිදු කරන විමර්ශනය වරින් වර සැකකරු මඟහැර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
“සැකකරුට වලස්මුල්ලේ අක්කර 3.7 ඉඩමක්, ඉන්ධන පිරවුම්හලක් තිබෙනවා. පල්ලෙකැලේ රුපියල් ලක්ෂ හතළිස් පහක වියදමින් වැය කළ නිෙවසක් තිබෙනවා.
මහරගම නාවින්නේ රුපියල් ලක්ෂ එකසිය විසිපහක නිෙවසක් සහ දාසය ලක්ෂ පනස්දහසක වටිනාකමින් යුත් නිෙවසක් දෙමටගොඩ ප්‍රදේශයේ තිබෙනවා. තිස්සමහාරාමේ පර්චස් 45.5 ඉදිකෙරෙන හෝටලයක් සැකකරු සතු වන අතර කෝට්ටේ මාදිවෙල රුපියල් ලක්ෂ හාරසීයක ඉඩමක් සහ බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල බදු පදනම මත ගත් කඩ සාප්පු දෙකක් පවතින බව විමර්ශන අනාවරණය කර තිබෙනවා“ යැයි සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ ද සඳහන් කළේය.
“මේ විමර්ශනය සිදු කරන්නේ ලැබුණු පැමිණිල්ලකට අනුව. එම පැමිණිල්ලට අනුව 2016 දෙසැම්බර් සිට 2017 ජනවාරි දක්වා වත්කම් බැරකම් ලබා දෙන ලෙස සැකකරුට කොමිසම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හතකට පසුව දුන් තොරතුරු විමසා බැලීමේදී සත්‍ය ඒවා නොවන බවට අනාවරණය වීම මත නැවතත් සැකකරුට සත්‍ය තොරතුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ.
වසර අටක සිට අවස්ථා කිහිපයකදී ආදායම් වියදම් වාර්තා සහ වත්කම් සම්බන්ධයෙන් විමසීම් කළත් 2025 අගෝස්තුතෙක් සම්පූර්ණ තොරතුරු ලබාදී නැහැ. සැකකරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළින් සැකකරුගේ ආදායම අබිබවමින් සැකකරු මිලියන විසි අටක් උපයා ඇති බවයි කොමිසම කළ විමර්ශනයෙන් අනාවරණය කර තිබෙනවා.
තොරතුරු ලබාදෙන ලෙස කරන දැන්වීම්වලදී දිගු කාලයක් ලබාගෙන ඉදිරිපත් කළත් ඒ තොරතුරුත් නිවැරැදි සහ සම්පූර්ණ තොරතුරු නොවන ඒවා බවට විමර්ශන අනාවරණය වීම සහ නැවත දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දුන්න ද තොරතුරු ලබා නොදීම මත 2025.09.26 දින පැමිණෙන ලෙස සැකකරුට දැනුම් දුන්නද ප්‍රකාශයක් ලබා දෙන ලෙස සැකකරු නැවත ඉල්ලා තිබෙනවා.
විමර්ශනය සහය දීම වෙනුවට සැකකරු කර ඇත්තේ වසර අටක් තිස්සේ දින ඉල්ලමින් එක දිගට කාලය ගෙවා දැමීමයි. ඒ අනුව කොමිසමේ නිලධාරීන් පිරිසක් සැකකරු පදිංචි අත්තනයායේ මැදමුලන පිහිටි නිෙවසට ගියත් සැකකරු එහි සිට නැහැ.
දුරකතනයෙන් සැකකරු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් දුරකතනය විසන්ධි කර තිබුණා. එක අවස්ථාවක දුරකතන ක්‍රියාත්මක වී ඇමතුමට සම්බන්ධ වී තත්පර 52ක වැනි කාලයක් තුළ වෙනත් දිනයක් දෙන ලෙස සැකකරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත පදිංචි ලිපිනයට ඊයේ ගොස් අද පැමිණෙන ලෙස ඔහුට ලිපියක් ලබාදුන්නා. සැකකරු 2014 සිට මේ දක්වා කරුණු අනාවරණය නොකළ වත්කම් රැසක් පවතින බව විමර්ශන අනාවරණය කර තිබෙනවා.
සැකකරුට අයත් ඉහත දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි. සංකීර්ණ විමර්ශනයක් ආදායම් ලෙස බස් රථ, ටිපර් රථ කුලියට දීම සැකකරු සිදුකර තිබෙනවා. 2017 සිට 2025 වන තෙක් බස් රථවල සේවය කළ අයගේ තොරතුරු දෙන ලෙස ඉල්ලුවත් දුන්නේ නැහැ.
2015 වසරේ තොරතුරු කිහිපයක් ලබා දුන්නත් බස් රථවල සේවය කළ දෙදෙනෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිතවතුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයගේ ප්‍රකාශ සටහන් කර විමර්ශන කළ යුතුය. විමර්ශනයට බාධා කරමින් කල් හැරීමට කටයුතු කර තිබෙනවා. මෙතෙක් කළ විමර්ශනයේ මිලියන 28ක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලේඛන විශාල ප්‍රමාණයක් පරිශීලනය කළ යුතුයි“
මහේස්ත්‍රාත්වරයා-
සැකකරුවෙක්ගේ ආදායම ගණනය කළේ කොහොම ද?
කොමිසම – පුළුල් විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත්තා.
මහේස්ත්‍රාත්වරයා-
තොරතුරු අනාවරණය කරගත්තේ සැකකරුගෙන්ද? වෙනත් ආකාරයකින් ද?
කොමිසම – සිදු කළ විමර්ශනවලින්
ස්වාමීනි, මේ විමර්ශනය ඉතාමත් සංකීර්ණයි. මාර්ග සංවර්ධන අධිකාරියේ බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕනෑ. රියදුරු කොන්දොස්තරවරුන්ගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්රමුඛ නීතිඥ මඬුල්ල කරුණු දක්වමින් මෙසේ කීවේය.
සැකකරු හමුදා නිලධාරියෙක්. 2013 විස්තර අහන්නේ. ඔහුගේ බිරියගේ පවුලේ විස්තර දෙන්න කාලය අවශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. මා සතු ලේඛන අඩුපාඩු පවතින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පවතින ලේඛනය උපරිමයෙන් ලබා දෙන බවට ඔහු සැප්තැම්බර් 26 අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.
මේ සම්බන්ධයෙන් ඔහු දිවුරුම් ප්‍රකාශ ගණනාවක් වූ විටින් විටදී තියෙනවා. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart