October 1, 2025

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉකුත් දා සංවිධාන කළ විපක්ෂයේ ඒකාබද්ධ සමුළුව පැවැත්වූයේ සියලුදෙනා ඒකාබද්ධ කිරීමේ අභිලාශයෙන් බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම එහි ප්‍රමුඛ අරමුණක් බවයි.

එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ ද එම විශ්වාසය මත පදනම් වී බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය සියලු දෙනා තුළ පවතින බව සහ වචනවලට සීමා වී නොමැති බවයි.

නමුත් සිදු කළ යුතු වන්නේ සද්භාවයෙන් යුතුව කටයුතු කිරීම සහ එක්සත්ව කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳව ද සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.