
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චිම්පන්සියන් සංරක්ෂණය සඳහා පෙනීසිටි සහ ලොව ප්‍රමුඛතම විද්‍යාඥවරියක වන ජේන් ගුඩාල් වයස අවුරුදු 91 දී මියගියාය.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය මියගොස් ඇති බවයි.
1960 දී, ජේන් ගුඩාල් චිම්පන්සියන් අධ්‍යයනය කිරීම සඳහා ටැන්සානියාවේ ගොම්බේ ස්ට්‍රීම් ජාතික වනෝද්‍යානයට පිවිස තිබේ.
ඇගේ සොයාගැනීම් පෙරළිකාර වූ අතර ක්ෂේත්‍ර කටයුතු සඳහා ඇයගේ ප්‍රවේශය විප්ලවීය විය.
ඇය චිම්පන්සියන්ගේ දෛනික ජීවිතය පිළිබඳ පර්යේෂණ සිදුකරමින් ඔවුන්ට නම් ලබාදුන්නාය.
ලොව ප්‍රසිද්ධ විද්‍යාඥයෙකුට අමතරව, ගුඩාල් චිම්පන්සියන් සංරක්ෂණය සඳහා වෙහෙස නොබලා පෙනීසිටින්නියක් බවට පත්විය.
1977 දී, ඇය වනජීවීන් සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා කටයුතු කරන ජේන් ගුඩාල් ආයතනය ආරම්භ කළාය.
චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති අතර, එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart