
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම දක්වමින් අපැහැදිලි අත්අකුරින් සඳහන් කරන බෙහෙත් වට්ටෝරු වෙනුවට ලොකු අත් අකුරින් පැහැදිලිව ලිවූ හෝ ඩිජිටල් වට්ටෝරු නිකුත් කිරීම සඳහා මාරුවීමට ඉන්දීය අධිකරණයක් වෛද්‍යවරුන්ට නියෝග කර තිබේ.
වෛද්‍ය-නීති වාර්තාවක අඩංගු කරුණු තේරුම්ගත නොහැකි බව අධිකරණ විනිසුරුවරයකු විසින් සිය තීන්දුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එහිදී විනිසුරුවරයා පවසා තිබුණේ, වෛද්‍ය වාර්තාවේ අන්තර්ගත වූ එක වචනයක් හෝ අකුරක්වත් කියවිය නොහැකි බවයි.
එමෙන්ම අත්අකුරු පිළිබඳ පුහුණුව වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව අධිකරණය නිර්දේශ කර ඇති අතර, වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත් වට්ටෝරු අනිවාර්ය කරන ලෙස රජයට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ, අපැහැදිලි අත්අකුරු දිගු කලක් ඉන්දියාවේ ගැටලුවක් වී ඇති අතර, එය භයානක ඖෂධ දෝෂවලට හේතුවන බවයි.
බොහෝ නාගරික වෛද්‍යවරුන් දැනටමත් ඩිජිටල් ක්‍රමය ඔස්සේ ඖෂධ වට්ටෝරු නිකුත් කළද ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල අතින් ලියන ලද බෙහෙත් වට්ටෝරු නිකුත් කරන බව ඉන්දියානු වෛද්‍ය සංගමය පිළිගෙන ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart