
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජලභීතිකා රෝගය තුරන් කළ මෙරට පළමු දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය ඉක්මනින්ම පිළිගැනීමට නියමිත අතර, එම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා දිස්ත්‍රික්කයේ ධජය ඔසවන බව සත්ව සුභසාධන සන්ධානයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.
අනුරාධපුරයේ පැවැති ලෝක ජලභීතිකා දින ඇගැයීමේ සම්මාන උළෙලේදී අදහස් දක්වමින් වෛද්‍ය නානායක්කාර පවසා ඇත්තේ, බොහෝ පුද්ගලයන් සුනඛ පැටවුන් සහ වැඩුණු සුනඛයන් නගරයට ගෙනැවිත් දමන බැවින් මෙම වැඩසටහන අභියෝග රැසකට මුහුණදුන් බවයි.
“මිනිස්සුන්ට පන්සල්වලට අලි පූජා කරන්න බැරි නිසා ඔවුන් ඒ වෙනුවට බලු පැටවුන් අරන් එනවා. සමහර ව්‍යාපාරිකයන් පන්සල් අසලට සුනඛයන් ගෙනැවිත් දැමීම වෙනුවෙන් විවිධ පුද්ගලයින්ට මුදල් පවා ගෙවා තිබෙනවා” ඔහු පැවසීය.
කෙසේවෙතත් අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන 30ක් හඳුනාගනිමින් සත්ව සුභසාධන සංවිධානය මගින් ජලභීතිකා රෝගය තුරන්කිරීමේ වැඩසටහන දියත් කර තිබිණි.
එය ක්‍රියාත්මක කළ වසර දෙකක කාලය තුළ, සුනඛ ගහණයෙන් 80% ක් පමණ විෂබීජහරණය සහ එන්නත් කිරීම සිදුකර ඇත.
මෙම වැඩසටහන මුලින්ම කිලෝමීටර් දෙකක වපසරියක් ආවරණය වන පරිදි සිදුකර ඇති අතර, පසුව නගර මධ්‍යයේ සිට කිලෝමීටර් දහයක් සහ පසුව කිලෝමීටර් පහළොවක් දක්වා ව්‍යාප්ත කර තිබේ.
ව්‍යාපෘතියට රජයේ අනුග්‍රහය නොලැබුණද, අනුරාධපුර නගර සභාව, ජස්ටිස් ෆෝ ඇනිමල්ස් ශ්‍රී ලංකා සත්ව ආරක්ෂණ සංවිධානය සහ ප්‍රදේශවාසීන්ගෙන් සහයෝගය ලැබුණු බව වෛද්‍ය නානායක්කාර සඳහන් කරයි.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාවගෙන් ලද සහයෝගය ද ඔහු අගය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart