
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරුකිරිමේ ලිපිය රැගෙන ඊයේ පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලීට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.
විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ යැයි කියාගත් කිහිපදෙනකු මෙලෙස දොරටුව වසා ඉබි යතුර දමා තිබූ අතර එයට සහාය දක්වමින් ගුරුවරු පිරිසක්ද විදුහල් භූමියේ රැඳී සිට ඇත.
කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ තාවකාලික වැඩ බලන විදුහල්පති එස්.කේ.සමරනායක වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරුව කිරීමේ ලිපිය රැගෙන පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැයකට ආසන්න කාලයක් මේ නිසා සිය නිල රථයට වී සිටීමට සිදුව තිබේ.
සිද්ධිය සැලවු විගස මාපිය පිරිසක්ද පැමිණ ප්‍රධාන දොරටුවෙන් පිටත රැදි විදුහල්පතිට එරෙහිව “ස්ථාන මාරුවක් ලැබුණේ නම් යන්නයි” හඬනගා ඇත.
සිද්ධිය සැලවු වහාම ක්‍රියාත්මක වූ කන්තලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ප්‍රධාන දොරටුව විවෘත කර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට පිටතට යෑමට ඉඩ සලසා තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart