
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2012 වසරේදී හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මියයෑමට පෙර ඔහු ධාවනය කළ මෝටර් රථය පසුපස හඹා ගිය වාහනයක සිට හඳුනාගත් පුද්ගලයා ඉකුත් දා සිය දරු දෙදෙනා සමග ඝාතනයට ලක්වූ අනුර විදානගමගේ නොහොත් ‘මිද්දෙණියේ කජ්ජා’ නමැත්තා බවට සිදුකෙරෙන ප්‍රකාශ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ, වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී කජ්ජා නමැත්තාගේ බිරිඳ විසින් අදාළ සැකකටයුතු වාහනයේ සිටියේ ‘මිද්දෙණියේ කජ්ජා’ නමැත්තා බව හඳුනාගත් බවට පොලිසිය ඊයේ ජනමාධ්‍ය වෙත පැවසීමෙන් අනතුරුවය.
එහිදී කජ්ජා නමැත්තාගේ පුත්‍රයා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී, එම පුද්ගලයා තම මියගිය සැමියා වන ‘මිද්දෙණියේ කජ්ජා’ බව පිළිගැනීම ඔහුගේ මව ප්‍රතික්ෂේප කළ බවයි.
එහෙත් ඔහුගේ මව ඔහුගෙන් වෙන්කර වෙනත් ස්ථානයකට රැගෙන යාමෙන් අනතුරුව එහිදී ඇය කුමක් පැවසුවේ දැයි තමාට විශ්වාසයක් නොමැති බව 16 හැවිරිදි වියේ පසුවන කජ්ජා නමැත්තාගේ පුත්‍රයා පවසයි.
එමෙන්ම ඔහු පවසන්නේ, තම පියාගේ රියදුරෙකු ලෙස කලින් සේවය කළ පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යාම හේතුවෙන් තමා මවගෙන් වෙන්ව සිටි බවයි.
‘2012 දී මියගිය පුද්ගලයාගේ නඩුවට අදාළ පුද්ගලයා හඳුනාගැනීමට රහස් පොලිසිය මට වීඩියෝවක් පෙන්වා ප්‍රශ්න කළ විට, මම ඔවුන්ට කිව්වා ඒ පුද්ගලයාගේ හැඩරුව මගේ පියාගේ වගේ නැහැ කියලා. මගේ තාත්තා දුම් පානය කරන්නේවත් බොන්නේවත් නැහැ කියලා මම කිව්වා. වීඩියෝවේ සිටින පුද්ගලයා බියර් කෑන් එකක් බොනවා. මගේ තාත්තා මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.
2012 දී සිදුවූ එම මරණයට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ මව විසින් ඔහුගේ පියා ලෙස හඳුනා ගත්තේ කෝපයෙන් විය හැකි බවට ද ඔහු චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart