
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ඉල්ලීම්වලට විසඳුම් ලබානුදුන් රිපබ්ලිකන් පක්ෂ අරමුදල් පැකේජයක් අවහිර කිරීමට අමෙරිකාවේ ඩිමොක්රටික් පක්ෂය තීරණය කිරීම හේතුවෙන් අමෙරිකානු රජය නිල වශයෙන් වසාදමා ඇත.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සෙනට් මණ්ඩලයේදී පාලක රිපබ්ලිකන් පක්ෂය සහ විපක්ෂය වන ඩිමොක්රටික් පක්ෂය අරමුදල් ලබාදීමේ කෙටිකාලීන පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට අපොහොසත් වීම ඊට හේතුව බවයි.
ඔවුන්ගේ මතභේද හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට රජයේ අරමුදල් කල්ඉකුත් වී තිබිණි.
මෙය වසර හයකට වැඩි කාලයකින් පසු පළමුවරට සිදුවූ අමෙරිකානු රජයේ අක්‍රිය වීම බව පැවසේ.
මීට පෙර 2018-2019 දී ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ අලුත් අවුරුදු දිනය ඇතුළුව සති පහක් සඳහා රජයේ අරමුදල් අක්‍රිය විය.
රජය වසාදැමිමත් සමග අත්‍යවශ්‍ය නොවන මෙහෙයුම් නතර වන අතර, ලක්ෂ සංඛ්‍යාත සිවිල් සේවකයින්ට තාවකාලිකව වැටුප් නොමැතිව වැඩකිරීමට සිදුවේ.
බොහෝ සමාජ ආරක්ෂණ ශුද්ධ ප්රතිලාභ ගෙවීමට ද බාධා ඇති විය හැකිය.
එහෙත් හමුදා නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවකයන්ට වැටුප් නොමැතිව වැඩ කිරීමට සිදුවනු ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ෆෙඩරල් සේවකයින් නිවාඩු යවනු ලැබේ.
කොංග්රස් අයවැය කාර්යාලයේ ඇස්තමේන්තුවලට අනුව, ට්‍රම්ප් ස්ථිර සේවයෙන් පහකිරීම් සිදුනොකළත්, ෆෙඩරල් සේවකයන් 750,000 කට පමණ තාවකාලිකව නිවාඩු ලබාදිය හැකිය.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන් හමුවේ පැවසුවේ, රජය වසාදැමීමක් සිදුවුවහොත් ඔහුගේ පරිපාලනය ෆෙඩරල් සේවකයන් බොහෝ දෙනෙකු ස්ථිරවම සේවයෙන් පහකළ හැකි බවයි.
ෆෙඩරල් රජය සාමාන්‍යයෙන් අරමුදල් හිඟයක් තුළ අත්‍යවශ්‍ය නොවන සේවකයන් තාවකාලිකව සේවයෙන් පහකරන අතර පසුව වසාදැමීම අවසන් වූ විට ඔවුන්ට ආපසු වැටුප් ලබාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart