
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07, විජේරාම මාවතේ නිවෙසින් ඉවත්ව ගොස් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවෙස නිසි ලෙස භාරදීමට පියවර ගෙන නැතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පසුගිය 10 වැනිදා සම්මත වීමත් සමඟ මහින්ද රාජපක්ෂ පැය 24ක් තුළ විජේරාම මාවතේ රජයේ නිවසින් ඉවත්ව තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවෙස වූ කාල්ටන් නිවෙසට ගියේය. ඒ යන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ජනමාධ්‍ය වෙත දැනුම්දෙනු ලැබුවේ සති දෙකක් ඇතුළත නිවෙස නිල වශයෙන් රජයට භාරදීමට පියවර ගන්නා බවය. එම සති දෙකක කාලය පසුගිය 24 වැනිදායින් අවසන් විය. ඒ සම්බන්ධයෙන් සිහිකැඳවීමක් යොමුකර ඇති බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම නිවෙසේ ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩවල හිමිකාරීත්වය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට බවත්, නිල නිවෙස සහ පරිශ්‍රයේ හිමිකාරීත්වය ඇත්තේ තම අමාත්‍යාංශය යටතට බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායකගේ අත්සනින් පසුගිය 24 වැනිදා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ විජේරාම මාවතේ ඇති නිල නිවෙස හා ඉන්වෙන්ට්‍රි භාණ්ඩ විධිමත් ලෙස භාරදෙන ලෙසය.
එසේම පස්වැනි විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් ලබා දී ඇති නිල වාහන ද ජනාධිපති කාර්යාලය වෙත විධිමත් ලෙස භාරදෙන ලෙස ද එම ලිපියෙන්ම දැනුම් දී තිබේ.
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින මෝටර් රථයක් සහ ලෑන්ඩ් රෝවර් රථයක් ලබා දී ඇති බව සඳහන්ය. වෙඩි නොවදින රථය අලුත්වැඩියාවක් සඳහා මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන් වෙත පූර්වයෙන් පැවති විධිවිධාන යටතේ මාසික විශ්‍රාම වැටුපට එක්කර ගෙවන ලද ලේකම් දීමනාව හා මාසික උපරිම ඉන්ධන ලීටර් 900ක වටිනාකමට යටත්ව ගෙවන ලද ඉන්ධන දීමනාව ද පසුගිය 10 වැනිදා සිට ගෙවීම් නොකරන බව ද ජනාධිපති ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටි නිල නිවෙසේ රජයට අයත් ඉන්වෙන්ට්‍රි භාණ්ඩ මෙන්ම පෞද්ගලික භාණ්ඩ ද රැසක් තිබේ. මෙතෙක් එම පෞද්ගලික භාණ්ඩ ද මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය විසින් ඉවත් කරගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති ලේකම් විසින් දැනුම් දී ඇත්තේ ඉන්වෙන්ට්‍රි භාණ්ඩ විධිමත් ලෙස භාරදීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය ලේකම් විසින් සම්බන්ධීකරණය කරනු ඇති බවය.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවෙසේ අලුත්වැඩියා සඳහා 2021 වර්ෂයේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළ රුපියල් 510,090,238.93ක මුදලක් වැයකර ඇති බව ද සඳහන්ය. 2021 වසරේ රුපියල් 252,124,978.36ක්, 2022 වසරේ රුපියල් 181,520,617.92ක් මෙම නිවෙසේ අලුත්වැඩියා සඳහා වැයකර ඇතැයි ලේඛනවල දැක්වේ.
මෙම නිවෙස පිහිටි ඉඩම අක්කර 01යි පර්චස් 13.8ක් වන අතර, නිවෙසේ ප්‍රමාණය වර්ග අඩි 30, 534කි. ඉඩම සහ නිවෙසේ මුළු වටිනාකම ගණනය කර ඇත්තේ රුපියල් මිලියන 3357.4කටය. කොළඹ හතේ මෙවැනි ස්ථානයක පිහිටි මෙතරම් විශාල ඉඩමක හා නිවෙසක මාසික කුලිය රජය විසින් තක්සේරු කර ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 46ක් ලෙසිනි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart