September 30, 2025

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණ ඇතැයි පැවසෙන පිරිස අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තා සිටි බවට තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මේ බව ප්‍රකාශ කළේය.