
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය විසින් දේවානහල්ලි අසල මහල් නිවාසයක නීතිවිරෝධී ලෙස රැඳීසිටි බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වී මාස ගණනාවක් නගරයේ සැඟවී සිටි බවට ඉන්දිය පොලිසිය සැකකරයි.
ඉන්දීය ජනමාධ්‍ය පවසන්නේ සැකකරුවන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇතුළු වී ඇතැයි ද අනාවරණ වී තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ 31 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි විද්යානගම්ගේ ඉරේෂ් හංසක ජයවර්ධන, 46 හැවිරිදි කොටහේන පදිංචි ජයසිංහ පතිරන්නැහැලාගේ සුගත් සමිඳු, 29 හැවිරිදි දෙවුන්දර පදිංචි ජයසූරිය මුදලිගේ දිලිප් හර්ෂණ නමැත්තන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් ඕසෝන් උර්බාන මහල් නිවාසවල කුලියට ගත් මහල් නිවාසයක රැඳී සිට ඇතැයි ද ඉන්දීය විමර්ශකයෝ පවසති.
මෙම තිදෙනා 2024 දී යාපනයේ සිට රාමේෂ්වරම් (තමිල්නාඩු) දක්වා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ බවත්, පසුව ඔවුන් චෙන්නායි සහ කොයිම්බතූර් හි කෙටි කාලයක් රැඳීසිටි බවත්, පසුව බැංගලෝරයට යාමට පෙර. ඔවුන් මාස අටක් ඕසෝන් උර්බාන හි පදිංචිව සිට ඇති බවත් අනාවරණ වී තිබේ.
ඔවුන්ගෙන් කිසිවකුට විදේශ ගමන් බලපත්‍ර ඇතුළු වලංගු ලියකියවිලි නොමැති බව ද ඉන්දීය බලධාරීන් පවසයි.
සහකාර පොලිස් කොමසාරිස් (මත්ද්‍රව්‍ය නාශක අංශය) එච්.කේ. මහානන්දගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් සැප්තැම්බර් 25 වන දින ඔවුන් රැඳීසිටි මහල් නිවාසය වටළා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙහෙයුම ආරම්භ කරන ලද්දේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (අපරාධ-2) රාජා ඉමාම් කාසිම් විසිනි.
ඉරේෂ් හංසක නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවකට අවශ්‍යව සිටින බවත්, සමිඳු නමැත්තාට ශ්‍රී ලංකාවේ මිනීමැරුම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඉන්දීය පොලිසිය පවසයි.
හර්ෂන් නමැත්තා පිළිබඳ තොරතුරු අපැහැදිලි නමුත්, ඉන්දීය බලධාරීන් විශ්වාස කරන්නේ තිදෙනාම තම මව් රටේදී අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට ඉන්දියාවට පැමිණ ඇති බවයි.
බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බැංගලෝරයේ නවාතැන් ගැනීමට සහ මහල් නිවාසය සුරක්ෂිත කිරීමට උදව් කළ පුද්ගලයා හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටී. වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart