
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට කතෝලික ප්‍රජාව කම්පනයට පත්කරමින් ඉකුත් සති අන්තයේදී පල්ලියක පවත්වන ලද සමලිංගික විවාහයක් පිළිබඳ අසාමාන්‍ය හා මතභේදාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අනාවරණයක් සිදුකර තිබේ.
ඉකුත් ඉරිදා පල්ලියේ දේව මෙහෙයක් අතරතුර කතාකරමින් කාදිනල් රංජිත් හිමිපාණන් හෙළිකර ඇත්තේ, පූජකවරයෙකු රවටා, ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කතෝලික පල්ලියකදී විවාහ වී ඇති බවයි.
කාදිනල් හිමිපාණන්ට අනුව, එක් කාන්තාවක් පිරිමි හෝමෝන ප්‍රතිකාර ලබාගැනීමෙන් ශරීරයේ පෙනුම වෙනස් කර ගෙන ඇති අතර, එමඟින් පූජකවරයා ඇය පිරිමියකු බව විශ්වාස කර තිබේ.
සමලිංගික විවාහවලට දැඩි විරෝධය පළකරමින්, පවුල් ජීවිතයේ සන්දර්භය තුළ එවැනි බැඳීම්වල ශක්‍යතාව පිළිබඳව කාදිනල් හිමිපාණන් ප්‍රශ්න කර ඇත.
එහිදී කාදිනල් හිමිපාණන් විමසාසිටින්නේ, පිරිමින් දෙදෙනකු හෝ කාන්තාවන් දෙදෙනකු විවාහ වුවහොත් නිසි පවුල් ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්නයි.
LGBTQ+ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මෑතකදී ගත් පියවර ද කාදිනල් හිමිපාණන් විවේචනය කළ අතර, එවැනි මුලපිරීම් රටේ සංස්කෘතික ව්‍යුහයට හානි කළහැකි බවට අනතුරු ඇඟවීය.
උන්වහන්සේ පැවසුවේ පිළිගත නොහැකි ආශාවන් ඉටුකර ගැනීම සඳහා මෙහි පැමිණෙන විදේශිකයන්ගේ ගොදුරු බවට පත්වීමට මෙරට දරුවන්ට සහ තරුණයන්ට ඉඩ නොදිය යුතු බවයි.
මෙහි පවතින බරපතලකම ජනාධිපතිවරයා තේරුම් ගනු ඇතැයි පැවසූ කාදිනල් හිමිපාණන් මෙරට සංස්කෘතික වටිනාකම් අඩපණ කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට එරෙහිව පුරවැසියන් සුපරීක්ෂාකාරී විය යුතු බව ද අවධාරණය කළේය.
එමෙන්ම උන්වහන්සේ පෙන්වාදුන්නේ සමලිංගික ප්රවණතා සමඟ උපත ලැබූ පුද්ගලයන්ට හිරිහැර නොකළ යුතු බවයි.
ඔවුන්ට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකිය යුතු බවත්, කෙසේනමුත් විකල්ප ජීවන රටාවන් අනුගමනය කිරීමට අන් අයට බලපෑම් නොකළ යුතු බවත් උන්වහන්සේ පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart