
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ පදිංචි වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා දැඩි නව නීති බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති අතර, ඊට සහාය දක්වමින් පාලක කම්කරු පක්ෂය එහි වාර්ෂික සමුළුවේදී දැඩි දක්ෂිණාංශික මතවාදීන්ට එරෙහි ඔවුන්ගේ සටන ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී තිබේ.
ඒ අනුව දින නියමයක් නොමැතිව, බ්‍රිතාන්‍යයේ රැඳීසිටීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ට ප්‍රතිලාභ ඉල්ලා සිටීමට නොව රැකියාවක් කිරීමට සිදුවනු ඇති අතර නව සැලසුම් යටතේ ස්වේච්ඡා ප්‍රජා සේවයට සම්බන්ධ වීමට ඔවුන්ට සිදුවනු ඇත.
මත විමසුම්වලදී ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින සංක්‍රමණ විරෝධී ප්‍රතිසංස්කරණ, පක්ෂයට ආකර්ෂණය වන ඡන්දදායකයන්ගේ සහයෝගය නැවත ලබාගැනීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස කම්කරු පක්ෂය මෙම වෙනස්කම් ඉදිරිපත් කර ඇත.
එම පක්ෂයේ නායක නයිජල් ෆරාජ් විසින් මෙහෙයවනු ලබන ප්‍රතිසංස්කරණවලට මුහුණදීම, වයඹදිග එංගලන්තයේ ලිවර්පූල් හි කම්කරු පක්ෂයේ දින හතරක රැස්වීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
වර්තමානයේ, බ්‍රිතාන්‍යයේ වාසය කරන, පවුලේ අය සමඟ සහ වසර පහක් රට තුළ ජීවත් වූ සංක්‍රමණිකයන් දින නියමයක් නොමැතිව රැඳීසිටීමට සහ ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලබයි.
එසේම ඕනෑම ආකාරයක වීසා බලපත්‍රයක් මත එක්සත් රාජධානියේ නීත්‍යානුකූලව වසර 10ක් ජීවත් වූ අයට ද එය එසේමය.
එම සීමාවන් සපුරාලන සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ට එක්සත් රාජධානියේ ජීවත්වීමට, වැඩ කිරීමට සහ අධ්‍යයනය කිරීමට සහ ප්‍රතිලාභ සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අයිතියක් ද ලැබේ.
එහෙත් ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් තුළ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂබානා මහමුද් කම්කරු සමුළුවට පවසා ඇත්තේ, සංක්‍රමණිකයන්ට රැඳීසිටීමට නම් සමාජ ආරක්ෂණ දායකත්වයන් ලබාදීමට, ප්‍රතිලාභයක් නොමැතිව සිටීමට, අපරාධ සඳහා සම්බන්ධ නොමැති වාර්තාවක් තිබීමට සහ ඔවුන්ගේ ප්‍රජාව තුළ ස්වේච්ඡා සේවයේ නිරත වීමට සිදුවන බවයි.
ඒ අනුව ඇය පවසන්නේ, සංක්‍රමණිකයන් තවදුරටත් රට තුළ රැඳී සිටීනම් ඒ සඳහා අයිතිය උපයා ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart