
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින ලෙසත්, දැනටමත් තහනම් කර ඇති ‘හක්ක පටස්’ හෝ ‘චීන පටස්’ නිෂ්පාදනය කිරීම, ළඟ තබාගැනීම හෝ විකිණීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වනජීවී බලධාරීන්ට දැනුම් දීමෙන් සහාය වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගිනිකෙළි සහ ගිනිකෙළි කර්මාන්තය සඳහා නිකුත් කරන ලද අමුද්‍රව්‍ය සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ඇතැම් ප්‍රදේශවල ‘චීන පටස් නමින් නීතිවිරෝධී පුපුර ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන බවට වාර්තා වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
‘චීන පටස්’ සහ රතිඤ්ඤා හා ගිනිකෙළි නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ‘හක්ක පටස්’ නිෂ්පාදනය කරන බවට තොරතුරු ලැබී ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
වන සතුන් ගොවිබිම්වලට හානි කිරීමෙන් වැළැක්වීම සඳහා මෙම නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය බහුලව භාවිත වන බව වාර්තා වේ.
කෙසේවෙතත්, මෑත කාලීනව මෙම පුපුරන ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මිනිසුන්ට සහ වන සතුන්ට බරපතල තුවාල හා මරණ සිදුවූ අවස්ථා රැසක් ද වාර්තා වී තිබේ.
තවද, මෙම පුපුරණ ද්‍රව්‍ය සැලකිය යුතු පාරිසරික හා සංරක්ෂණ අභියෝග එල්ල කරන බව නිරීක්ෂණය වී ඇත.
දැනටමත් තහනම් කර ඇති පුපුරණ ද්‍රව්‍ය වන “හක්කා පටස්” සහ “චීන පටස්” නිෂ්පාදනය, බෙදා හැරීම, ගබඩා කිරීම සහ විකිණීමට අදාළ ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සහ රජයේ තීරණයක් මත පදනම්ව, එවැනි ක්‍රියාකාරකම් නැවැත්වීමට සහ මෙම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එපමණක් නොව, රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් ඉදිරියේදී එවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වී හෝ ඒවාට සහාය දක්වන්නේ නම්, ඔවුන්ගේ රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවලංගු කරන බව ද අමාත්‍යාංශය පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart