
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින දැවෙන ගැටළු විසඳීමට රජය අඛණ්ඩව අසමත් වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (30) වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) නිවේදනය කර තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගතවී ඇතත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බලපාන අඛණ්ඩ අර්බුදවලට තවමත් විසඳුමක් ලැබී නොමැති බව ඔහු පැවසීය.
රටේ රාජ්‍ය අධ්‍යාපනය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව චාරුදත්ත ඉලංගසිංහ තවදුරටත් අවධාරණය කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බරපතල හිඟය ද ඉලංගසිංහ අවධාරණය කළ අතර, පසුගිය වසර තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පමණක් කථිකාචාර්යවරුන් 200 කට අධික සංඛ්‍යාවක් පිටව ගොස් ඇති බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart