September 30, 2025

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පුද්ගලයා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි පව­සයි.

ඔහුගේ උපන් ස්ථානය වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ කර­න්දෙ­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 95A අගු­ළු­ගල්ල ග්‍රාමනිල­ධාරි වස­මය.

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් 1915 ජුනි මාසෙ හතරවැනිදා මෙලොව උපත ලබා ඇති අතර, ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙකි.

ඔහු ලිවී­මට කිය­වී­මට හැකි­යාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලැබූ­වෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යාගේ නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතුවන්නේ වස විසෙන් තොර පෝෂ­ණීය ආහාර රටා­ව­කට හිමි­කම් කීම බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

ඔහු වයස අවු­රුදු අනූපහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වුණු බව පැවැසේ.

මේනි­යෙල් දරු­වන් නවදෙනකුගේ පියෙකි.

ජාතික වැඩි­හිටි මහලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ හිමි­ක­රු­වකු වන මේනි­යෙල්ගේ බිරිය මෙලො­වින් සමුගෙන ඇතත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳි­මින් ඔහු සුවසේ ජීවත් වෙන බව සඳ­හක් කළ යුතුව ඇත.(දිනමිණ)