
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, බලශක්තිය, ගුවන් සේවා සහ ආරක්ෂක වැනි අංශ කෙරෙහි අමෙරිකානු සමාගම් උනන්දුවක් දැක්වුවද, මෙරට නියාමන ක්‍රියාවලියේ පවතින අවිනිශ්චිතභාවය, රජය සහ අනෙකුත් සංවිධාන තුළ ඇති අධික හෝ අනවශ්‍ය නීති, රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි මෙන්ම විනිවිදභාවය සම්බන්ධයෙන් පවතින ගටළු හේතුවෙන් එම සමාගම් මෙරට ආයෝජනය කිරීම අධෛර්යමත් කරන බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ.
මෙම සතියේ නිකුත් කරන ලද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ 2025 ආයෝජන දේශගුණික ප්‍රකාශය මගින් පෙන්වා දී ඇත්තේ, මෙරට ආර්ථිකය පොරොන්දු සහිත නමුත් පද්ධතිමය බාධකවලින් සමන්විත තත්වයක් පෙන්නුම් කරන බවයි.
හදිසි ප්‍රතිපත්ති සංශෝධන මෙන්ම පාරාන්ධ ප්‍රසම්පාදන පිළිවෙත් සහ අනුමත කිරීම් ප්‍රමාද වීම ආයෝජකයන් කලකිරීමට පත්කරන බවත්, ආයෝජන පරිසරයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය අඩපණ කරන බවත් එහි සඳහන් වේ.
ශ්‍රී ලංකාව සිය IMF වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ සඳහා එකඟතා පළකර විදේශ ප්රාග්ධනය ආකර්ෂණය කරගැනීමේ සැලසුම් ප්‍රකාශයට පත්කළද අමෙරිකානු වාර්තාව අවධාරණය කරන්නේ පෙන්වා ඇති ප්‍රගතිය මන්දගාමී බවයි.
ඉහළ මට්ටමේ බලශක්ති ව්‍යාපෘති දැනටමත් තීරුබදු පිළිබඳ ගැටළු හමුවේ ඇණහිට ඇති අතර, ගුවන් සේවා සහ ආරක්ෂක සමාගම්වල සංකීර්ණ බලපත්‍ර ක්‍රියාපටිපාටි සහ අනනුකූල බලාත්මක කිරීම එම මන්දගාමීත්වයට හේතු ලෙස එම වාර්තාවේ දක්වා තිබේ.
අමෙරිකාවේ මෙම තක්සේරු වාර්තාව අනුව වැඩි විනිවිදභාවයක්, විධිමත් ක්‍රියාවලීන් සහ ස්ථාවර නීති රීති නොමැතිව, ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පත්වීමේ තීරණාත්මක අවධියක සිටිය ද අමෙරිකානු ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරගැනීම සහ ආයෝජන ගලාඒම අවිනිශ්චිත තත්වයක පවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart