September 29, 2025

පොලිස් වෛද්‍ය සේවා අංශයේ පුරප්පාඩු 25ක් පිරවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇත.

2025 සැප්තැම්බර් 26 දිනැති අංක 2456 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති පරිදි, අයැදුම්පත් කැඳවීම සිදුකර ඇත.

ඒ අනුව, පහත සඳහන් තනතුරු සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ:

ශල්‍ය වෛද්‍ය උපදේශක – 01 තනතුර

විකිරණවේදි උපදේශක – 01 තනතුර

උපදේශක සායනික පෝෂණවේදි – 01 තනතුර

නිර්වින්දන උපදේශක – 01 තනතුර

වෛද්‍ය නිලධාරීන් – තනතුරු 16

දන්ත වෛද්‍යවරුන් – තනතුරු 04

සුදුසුකම් ලත් සහ උනන්දුවක් දක්වන අයදුම්කරුවන් 2025 ඔක්තෝබර් 27 වන දින අවසන් දිනට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස උනන්දු කරනු ලැබේ.

වැඩිදුර විමසීම් සඳහා 011-2552953 අමතන්න.