
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනමාධ්‍ය අමතමින්, තමා තාජුඩීන්ගේ මාමා ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙකු පැවසුවේ, යහපාලන ආණ්ඩුව යටතේ, අධිකරණය විසින් පත්කරන ලද හත්දෙනකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින්, වසීම් තාජුඩීන් වධහිංසා පමුණුවා පුළුස්සා මරාදමා ඇති බව තීරණය කර ඇති බවයි.
2012 වසරේ මැයි මාසයේදී, තාජුඩීන් අනතුරකට ලක්ව මියගිය බව තමන්ට දැනුම්දුන් බවත්, තමා එම ස්ථානයට පැමිණෙන විට, තජුඩින්ගේ දේහය පැවතියේ රියදුරු අසුනේ නොවන බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ, පළමු අවස්ථාවේ ලද මරණ වාර්තාවේ ඔහු අධික වේගයෙන් රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම හේතුවෙන් අනතුරකට මුහුණදුන් බවත්, අනතුරේ බලපෑම මත ඇති වූ ගින්නෙන් ඇති වූ දුම ආඝ්‍රාණය කිරීමෙන් මියගිය බවත් ප්‍රකාශ කෙරුණු බවයි.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විට, තාජුඩීන්ගේ මරණය ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වූ බවත්, දේහය ගොඩගෙන නව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා සිටි විට, පවුලේ අය ඊට එකඟ වූ බවත්, එම පරීක්ෂණයෙන් පෙර වාර්තාවට අභියෝග කළ අතර, ඒ වෙනුවට තාජුඩීන් වධහිංසා පමුණුවා පුළුස්සා මරාදමා ඇති බව හෙළි වූ බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ තාජුඩීන්ගේ පවුලට තවමත් කිසිදු පාලනයකින් යුක්තිය ඉටුවී නොමැති බවයි.
වසර 13 කට පසුව වුවද නව ආණ්ඩුව නඩුව භාරගෙන මරණයට වගකිව යුතු අයට දඬුවම් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවේය.
වත්මන් ආණ්ඩුවත් මෙය විසඳීමට අපොහොසත් වුවහොත්, අනාගතයේදී එය විසඳේ යැයි කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart