
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපති බුද්ධික හේවාවසම් විසින්, රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා EQUAL GROUND සංවිධානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබේ.
“අපගේ සංචාරක වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට සහ සියලුම සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව ආරක්ෂිත, සියලුදෙනා ඇතුළත් සහ පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට මෙම ව්‍යාපෘතියේ විභවය අපි හඳුනාගනිමු,” යැයි EQUAL GROUND විධායක අධ්යක්ෂ රොසානා ෆ්ලේමර්-කල්දේරා විසින් ඔහු වෙත යොමුකරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් බුද්ධික හේවාවසම් පවසා ඇත.
සංචාරක ක්‍රියාකරුවන්, හෝටල්, පුහුණු ආයතන, මාර්ගෝපදේශකයන් සහ රියදුරන් ඇතුළු කර්මාන්තයේ ප්‍රධාන කොටස්කරුවන් සමඟ DE&I (විවිධත්වය, සාධාරණත්වය සහ ඇතුළත් කිරීම) පුහුණු සහ දැනුවත් කිරීමේ මුලපිරීම් සිදුකිරීම සඳහා සම්බන්ධ වීමට EQUAL GROUND ‘අධිකාරිය’ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට ලබා දී ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත වැඩසටහන ඉදිරිපත් කිරීමට EQUAL GROUND හි කැමැත්ත පිළිගෙන ඇත.
මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ ගෝලීය සංචාරක පියසටහන පුළුල් කිරීමේ උපායමාර්ගික අරමුණ සමඟ සමපාත වන බව ලිපියේ සඳහන් විය.
කෙසේවෙතත් මෙම පියවරට විවිධ පාර්ශව විසින් විරෝධය පළකරනු දැකගත ගැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart