
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඉන්දියානු සංස්කෘතික සංගමය යටතේ ඇති MY Bharat සමඟ හවුල්කාරිත්වයෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඊයේ ගාලු මුවදොර පිටියේදී ”Viksit Bharat Run 2025” ධාවන ඉසව්වක් පවත්වා තිබිණි.
ලොව පුරා නගර 150 කට වැඩි ගණනක එකවර පැවති මෙම උත්සවය, යෝග්‍යතාවය, සේවය සහ තිරසාරභාවය වෙනුවෙන් පැවැත්වූ අතර 2047 වන විට සංවර්ධිත ඉන්දියාවක් අත්කර ගැනීමේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැක්ම එමගින් අවධාරණය කෙරේ.
කොළඹ පැවැති කිලෝමීටර් 5ක ධාවන ඉසව්වේදී ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයන්, ශ්‍රී ලාංකික පුරවැසියන්, සිසුන් මෙන්ම ඉන්දියාවේ හවුල්කාරී පාර්ශව නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම ධාවනය තරඟය ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් ආරම්භ කරන ලද අතර, මෙරට අමාත්‍යවරුන් වන සුනිල් කුමාර ගමගේ, කුමාර ජයකොඩි, ආචාර්ය අනිල් ජයන්ත, එරංග ගුණසේකර, එරංග වීරරත්න සහ සුගත් තිලකරත්න ද එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
“Run to Serve the Nation” යන තේමාව යටතේ පැවැති ධාවන ඉසව්ව සඳහා සහභාගීවූවන් ඉන්දියාවේ සංවර්ධන ගමනට තම කැපවීම සඳහා ප්‍රතිඥා දුන්හ.
ඉන්දියාවේ ස්වදේශී ආචාර ධර්ම, ස්වයං විශ්වාසය සහ පාරිසරික වගකීම වැළඳ ගන්නා ලෙස මහ කොමසාරිස් ජා ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේය.
ධාවනයෙන් පසුව, ඉන්දියානු ඩයස්පෝරාව සාමූහිකව “වික්සිත් භාරත්” සහ “ආත්මනිර්භාර් භාරත්” යන ප්‍රතිඥා ද ලබා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart