
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී සිදුවීමට ගිය ඛේදවාචකයක් වළක්වා ගැනීමට නව හැවිරිදි දැරියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් හැකි වී තිබේ.
මෙම අනතුර සිදු වීමට ගොස් තිබුණේ කැලිප්සෝ දුම්රිය පිටත්වීමට මොහොතකට පෙරය.
ආකිමිඩීස් අන්තර්ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුකි හියාරා, තම බාල සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටියදී, දුම්රියේ මැදිරි යට රේල් පීලි මත බෙල්ල තබාගෙන සිටි මිනිසකු දැක තිබේ.
ඇය වහාම දුම්රිය ස්ථානාධිපති වෙත දිව ගොස් ඒ ගැන දන්වා ඇත.
දුම්රිය නිලධාරීන් එම ස්ථානයට දිව ගොස් 42 හැවිරිදි පුද්ගලයා ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇත.
“තවත් මිනිත්තු 10ක් ගත වූවා නම්, ඔහු යට වෙන්න ඉඩ තිබුණා,” යනුවෙන් දුම්රිය ස්ථානාධිපති නලින් වේරංග පැවසුවේ දැරියගේ ක්‍රියාවට ප්‍රශංසා කරමිනි.
දුම්රිය එන්ජින් රියදුරු පී.එස්. ද සේරම් ද පැවසුවේ මිනිසාගේ ජීවිතය බේරා ගැනීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම දැරියට හිමිවන බවයි.
පසුව පොලිසියට භාර දුන් පුද්ගලයා, පවුලේ කරදරවලින් පෙළෙන ප්රදේශවාසියකු ලෙස හඳුනාගෙන ඇත.
නිලධාරීන්ට අනුව, දැරිය අනතුරු ඇඟවීම සිදුකරන තුරු ඔහු දුම්රිය යට වැතිර සිටිනු වෙනත් කිසිවකු දැක නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart