
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්රීවරුන් මෙන්ම හිටපු මන්ත්රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම මගහැර ඇති හෙයින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවට එරෙහිව ලොකු හඬක් නැගීමට ඇති අනගි අවස්ථාව අහිමිවීමෙන් පොදුවේ විපක්ෂය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ‘ඉරිදා ලංකාදීප’ය වාර්තා කරයි.
සමහර කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමට විපක්ෂයේ පක්ෂ නායකයන් සමහර මන්ත්රීවරුන්ට වගකීම් පවරා ඇතත් ඔවුන් අවස්ථා ගණනාවකදීම ඒවා මගහැර ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
“මට නඩු ටිකක් තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ ටිකක් නිහඬව ඉන්නම්.” යනුවෙන් පවසා එසේ මඟහැර ගොස් ඇති බව දැනගන්නට ඇත.
මේ තත්වය යටතේ විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දුර්වල වුණු තත්වයක් පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
විපක්ෂයේ දැනට සිටින මන්ත්රීවරුන් සහ හිටපු මන්ත්රීවරුන් විස්සකට ආසන්න පිරිසකට එරෙහිව විවිධ නඩු පවතින බව වාර්තා වේ.
මින් බොහොමයක් දූෂණ සම්බන්ධ නඩුය.
විවිධ නඩු හේතුවෙන් ආණ්ඩුවට ප්රහාර ඉල්ලා නොකර මෙසේ නිහඬව සිටින මෙම පිරිසට පාර්ලිමේන්තුවේ දී මෙන්ම දේශපාලන වේදිකාවේ පසුගිය කාලයේ දී ප්රබලව සිය කටහඬ අවදි කළ මන්ත්රීවරුද ඇතුළත් වන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart