
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්රමරත්නගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සැපයෙන ආහාර සඳහා මන්ත්‍රීවරුන් සහ සේවකයන් සැලකිය යුතු මුදලක් ගෙවන හෙයින් පිරිසිදු කෑම වේලක් සැපයීමේ වගකීමක් පාලනාධිකාරියට තිබෙන බවය.
මෙහිදී අදහස් දක්වා ඇති කථානායකවරයා පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැරදි සියල්ල නිවැරදි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පවසා ඇත. අඩුපාඩු සොයා බැලීම සඳහා කථානායකවරයා විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කෙරුණු අතර එම කමිටුවෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව අනුව අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කෙරෙනු ඇත.
කථානායකවරයා පසුගියදා පොළොන්නරුවේදී රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නරකාදියක් බව ප්‍රකාශ කළේය. එහි අපිරිසිදු බව හේතුවෙන් ඉන් සලාද කෑම පවා නතර කළ බව පැවසූ කථානායකවරයා සමහර කෑම පිළියෙළ කරන්නේ ශරීරයට අහිතකර රසකාරක පාවිච්චි කරමින් යැයිද සඳහන් කළේය.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart