September 28, 2025

මගීන් 16 දෙන­කුට මරු කැඳවූ ඇල්ල බස් අන­තුර සිදු වූ බස් රථයේ චැසි අංකය නිවැ­රදි නොවන බව මේ වන විට තහ­වුරු වී ඇත.

එම අන­තුර සම්බ­න්ධව සොයා බැලී­මට පත්කළ 8 දෙන­කු­ගෙන් යුත් කමි­ටුවේ වාර්තා­වට අනුව එම අංකය නිවැ­රදි නොවන බව තහ­වුරු කර­ගෙන තිබේ.

බස් රථයේ චැසියේ මුද්‍රිත චැසි අංකය, ලියා­ප­දිංචි සහ­ති­කය, Body Tag සහ මෝටර් රථ ප්‍රවා­හන දත්ත පද්ධ­තිය හා එය නොගැ­ල­පෙන බවට එම කමි­ටුව විසින් වාර්තා කර ඇත.

අන්ත­ර්ජා­තික ප්‍රමි­තීන් අනුව චැසි අංකය අක්ෂර 17කින් යුක්ත විය යුතු නමුත්, චැසිය මත මුද්‍රිත චැසි අංකයේ අක්ෂර 18ක් ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ. ලියා­ප­දිංචි සහ­ති­කය සහ Body Tagහි සඳ­හන් අක්ෂර 17කින් යුත් චැසි අංකය නිවැ­රදි චැසි අංකය බවට නිග­ම­නය කළ හැකි බවත් චැසිය මත තෙරපා ඇති අංකය දේශී­යව මුද්‍ර­ණය කර ඇති බවට නිර්දේශ කර තිබේ.

අදාළ බස් රථයේ චැසි අංකය ලෙස දැක්වෙන්නේ MB1PB8EHA7BAPD2693 වන අතර, එහි 5 වැනි අක්ෂ­රය වන B අම­තර අක්ෂ­ර­යක් බව හෙළිව තිබේ.

එම නිසා රථයේ චැසි අංකය සැක සහිත බව වාර්තා කර තිබේ.(සිළුමිණ)