September 28, 2025

පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතළිස් හයදෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 34 දෙනකු ද නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බවයි.

මීට අමතරව, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

පොලිස් කොස්තාපල්වරුන් 5,000ක් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇති බව අමාත්‍ය විජේපාල පැවසීය.

පසුගිය වසර පහක කාලය තුළ අත්හිටුවා තිබූ මෙම උසස්වීම් මෙම වසරේ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.