
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ මන්නාරමේ යෝජිත සුළං බලාගාරයක් සඳහා ටර්බයින සහ අනෙකුත් උපකරණ නගරයට ප්‍රවාහනය කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වා ඇත.
මන්නාරමට සුළං බල යන්ත්‍රෝපකරණ ගෙන ඒම නවත්වන ලෙස පවසන විරෝධතාකරුවෝ මන්නාරමේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා සිටියහ.
ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම නතර කරන ලෙස ඔවුන් කළ ඉල්ලීම ද ඔවුන් නැවත අවධාරණය කළහ.
පොලිසියට අනුව, උපකරණ රැගෙන යන වාහන නගරයට ළඟාවීම සහතික කිරීම සඳහා කැරලි මර්දන ඒකකය යොදවා තිබේ.
පොලිසිය විරෝධතාකරුවන්ට පහරදුන් බවත්, තිදෙනෙකුට තුවාල සිදුකළ බවත් ප්‍රදේශවාසීන් කියාසිටියද, පොලිසිය බලය භාවිත කළ බව පිළිගනිම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් තත්වය පාලනය කිරීමට පමණක් මැදිහත් වූ බව පැවසීය.
ව්‍යාපෘතියට එරෙහිව මන්නාරමේ විරෝධතාවල අඛණ්ඩව 55 වැනි දිනය ඊයේ(සිකුරාදා) සනිටුහන් විය.
සුළං බලාගාරය නගරයේ ජල ප්‍රවාහය අවහිර කිරීමෙන් වැසි සමයේදී ගංවතුර තවත් උග්‍ර කරන බව විරෝධතාකරුවෝ පැවසූහ.
මන්නාරමේ ආගමික නායකයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් මීට පෙර අගෝස්තු 13 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ගැටළු සාකච්ඡා කළහ.
ජනාධිපතිවරයා ව්‍යාපෘතිය නැවත සලකාබලන බවට පොරොන්දු වූ නමුත් නිවැසියන් පැවසුවේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart