
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනයකට තුඩුදුන් දාරළුවේ පඬුකරඳ ගස අද(10) කිසියම් පිරිසක් විසින් රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
එලෙස ගස ඉවත් කරගෙන යෑමට චීන ජාතිකයන් පිරිසක්ද පැමිණ ඇති බව වාර්තා වේ.
මෙය දැඩි සංවාදයක් වූූයේ කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලදී ගස කපාදැමීමට සූදානම් වූ අවස්ථාවේදීය.
කෲඩියා සෙලනිකා ලෙස හඳුන්වන මෙම ගස ඉතා දුර්ලභ බව එකල කියවිණි.
ඒ හේතුවෙන් පරිසරවේදීන්ගේ සහ මහා සංඝරත්නයේ විරෝධතා මතය එම ගස ඉවත් කිරීම අත්හිටුවනු ලැබීය.
එහෙත් අද දහවල් කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් ගස ගලවා ගෙන රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙම පඬුකරඳ ගස ඉතා සුළු වෙලාවකදී මෙලෙස ඉවත් කර ඇති අතර, ලොරි රථයකට පටවා රැගෙන ගිය බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart