
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රමුඛ දානපතියකු වන නහිල් විජේසූරිය ආනන්ද විද්‍යාලයට රුපියල් මිලියන 250ක කැපීපෙනෙන පරිත්‍යාගයක් සිදුකර තිබේ.
STEAM ඉගෙනුම් වැඩසටහන් සඳහා පුරෝගාමී වීමට ආනන්දීයයන්ට මෙය පිටිවහලක් වනු ඇත.
ආදී ආනන්දීයයන්ගේ වෘත්තීය සංසදයට අනුව, විජේසූරිය විසින් ඔහුගේ පවුලේ සහයෝගය ඇතිව කරන ලද මෙම ත්‍යාගශීලී ආයෝජනය, පරම්පරා ගණනාවක් දිරිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති අති නවීන STEAM ඉගෙනුම් මධ්‍යස්ථාන දහයකින් සමන්විත ආනන්ද විද්‍යාලයේ රුපියල් මිලියන 410ක විශිෂ්ටතා මධ්‍යස්ථානය ක්‍රියාවට නැංවීමට උපකාරී වනු ඇත.
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා සහ ගණිතය (STEAM) ඒකාබද්ධ කිරීමෙන් STEAM ඉගෙනුම් වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මෙම නවෝත්පාදන ප්‍රවේශය ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම තුළින් විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ගැටළු විසඳීමේ කුසලතා පෝෂණය කරන අතරම, සිසුන්ට දේශීය හා ගෝලීය අවස්ථා ගවේෂණය කිරීමට සහ සමකාලීන සහ අනාගත අභියෝග සඳහා සූදානම් වීමට හැකියාව ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අඛණ්ඩ කතිකාවට අනුකූල වන සහ අනුපූරක වන ආකාරයෙන් තම විශේෂඥතාව නොමසුරුව බෙදාගෙන ඇති කීර්තිමත් අධ්‍යාපනඥයන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ ශිල්පීන්ගෙන් මෙම ව්‍යාපෘතියට පුළුල් පිළිගැනීමක් සහ සහයෝගයක් ලැබී ඇත.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ, ආනන්ද විද්‍යාලයේ දේශීය හා විදේශීය ආදි ශිෂ්‍යයන් මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥතාව සහ අරමුදල් ලබා දී ඇත.
විශිෂ්ටතා මධ්‍යස්ථානය සහ එහි මුලපිරීම් ආනන්ද විද්‍යාලයෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, එය රට පුරා සිසුන්ට සහ ආයතන සඳහා ජාතික ඉගෙනුම් මධ්‍යස්ථානයක් ලෙස සේවය කරයි.
මෙම මුලපිරීම මෙහෙයවනු ලබන්නේ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය (ACOBA) සමඟ අනුබද්ධිත ආදි ආනන්දීයයන්ගේ වෘත්තීය සංසදය (OAPF) විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart