
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොලීසිය විසින් කළ මෙහෙයුමක දී ගොඩබිමේ දී මෙෙතක් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මහ මුහුදේ සිට ගොඩබිමට රැගෙන ඒමට දේශපාලනඥයකුගේ සහෝදරයෙකුට අයත් හෝටලයක සේවයේ නිරත පුද්ගලයකු සම්බන්ධ වී ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය තොගය හමුවන තංගල්ල සීනිමෝදර නිෙවසේ මියගොස් සිටි දෙදෙනාගෙන් අයෙක් වන්නේ එම සේවකයා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ සහෝදරයකු වන එකී හෝටල් හිමිකරුට හා එම හෝටල් හිමිකරුගේ ව්‍යාපාරික සගයෙකුට සීනිමෝදර එම නිවෙසට සම්බන්ධකමක් ඇතැයි ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. මෙම නිවෙස පිහිටි ඉඩමේ සංචාරකයන් ඉලක්ක කරගෙන විලා එකක් ඉදිකිරීමට සැලසුම් කර තිබී ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
රුපියල් කෝටි 1000කට අධික වටිනාකමක් ඇති කිලෝ 707ක් වූ එම මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්ත සහ කළු සාගර විසින් විදේශයක සිට මෙරටට එවා ඇතැයිද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. උනාකූරුවේ ශාන්තට සීනිමෝදර ඉඩම හා සම්බන්ධයක් ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී තිබේ. මේ වන විට පොලීසිය සොයා බලමින් සිටින්නේ, ඉඩමේ ලියාපදිංචි හිමිකරු හා උනාකූරුවේ ශාන්ත, විපක්ෂයේ දේශපාලනඥයාගේ සහෝදරයා සහ එම සහෝදරයාගේ ව්‍යාපාරික සගයා අතර සම්බන්ධකමක් තිබේදැයි කියාය. ඒ අනුව එම දේශපාලනඥයාගේ සහෝදරයාත් ඔහුගේ ව්‍යාපාරික සගයාත් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
සොයාගත් මත්ද්‍රව්‍ය කිලෝ 705.91ක් තිබී ඇත. අයිස් කිලෝ 420.976ක්ද හොරොයින් කිලෝ 284.94ක්ද තිබුණු බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 05ක්ද පොලීසිය සොයාගෙන තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනිඅවි පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් ඇත්තේ බහුදින යාත්‍රාවකින් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි රැගෙන ඉරාන් සහ පාකිස්තානු ජාතිකයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් දකුණු මුහුදු තීරය ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණ ඇති බව සඳහන්ය. එම යාත්‍රාෙවන් මත්ද්‍රව්‍ය හා ගිනිඅවි භාරගෙන ඇත්තේ දකුණේ ධීවර වරායකින් මුහුදු ගිය යාත්‍රාවක සිටි පිරිසක් බවට සැක කරන තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත. එම බහුදින ධීවර යාත්‍රාව දින කිහිපයක් තිස්සේ යාත්‍රා කර මෙරට වෙරළ තීරය ආසන්නයට පැමිණි පසු කුඩා ධීවර යාත්‍රා දෙකක් එම බහුදින යාත්‍රාව අසලට ගොස් එහි වූ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි භාරගෙන තංගල්ලේ වෙරළ තීරයකට පැමිණ ඇති බව සඳහන්ය. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මාවලැල් වෙරළ තීරයට හෝ උනාකූරුවේ විහාරස්ථාන ආසන්නයේ වෙරළට මෙම යාත්‍රා දෙකේ තිබුණු මත්ද්‍රව්‍ය ගොඩබා ඇති බවය. එම වෙරළ තීර දෙකම පොලිස් විමර්ශකයන්ගේ නිරීක්ෂණයට මේ වන විටත් ලක්ව ඇත.
ගොඩබිමට එම මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී එක් බෝට්ටුවක් පෙරළී ඇති බවට තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ. බෝට්ටුව පැත්තකට ඇලවී ජලය බෝට්ටුවට පිරී ඇති බව ද කියැවේ.
එම බෝට්ටුවේ තිබුණු අයිස් සහ හෙරොයින් මුහුදට වැටී ඇති බව ද සඳහන්ය. එහි දී මුහුදට වැටුණු එම මත්ද්‍රව්‍ය පැකට්, පිහිනාගොස් ගොඩබිමට රැගෙනවිත් ඇතැයි පැවසෙන්නේ සීනිමෝදර නිවස තුළ මියගොස් සිටි දෙදෙනා බවට විමර්ශන නිලධාරීන් සැකකරයි.
මේ සියල්ලක්ම සිදුව ඇත්තේ 21 වැනිදා රාත්‍රී කාලයේදීය.
බෝට්ටු දෙක වෙරළ තීරයට පැමිණි සැණින් වෙරළ ආසන්නයේ නතර කර තිබුණු ලොරියකට එහි වූ මත්ද්‍රව්‍ය පටවා සීනිමෝදර නිවෙසට රැගෙන විත් ඇති බව සඳහන්ය. එම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීම සඳහා ස්ථාන කිහිපයකට රැගෙන යාමේ අරමුණින් ලොරි රථවල ඇති රහස් කුටිවල ඉතා සූක්ෂ්මව සඟවා ඇත්තේ සීනිමෝදර දී බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෙම මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතව තිබී ඇති බව ද අනාවරණය වී ඇත. සීනිමෝදර නිවෙසේ දී රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයා එම ලොරි රථ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සූදානමින් සිටි රියැදුරා බව පොලීසිය හඳුනාගෙන ඇත. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට ඇණවුම් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන විත් බෙදාහැරීමේ ජාලය භාරගෙන සිටි බවට හඳුනාගෙන සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ ප්‍රධාන ගෝලයෙක් බවට තොරතුරුද අනාවරණය වී තිබේ. උනාකූරුවේ තුසිත නමැති මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ උනාකූරුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධව සිටින බවට සැක කරන තොරතුරුද පොලීසියට ලැබී තිබේ.
මුහුදට වැටී ගොඩගත් බව සඳහන් ඇතැම් මත්ද්‍රව්‍ය ඇසුරුම්වලට ලුණු ජලය ඇතුළු වී හානි වී ඇති බව ද පෙනීගොස් ඇත. සීනිමෝදර නිවෙසේ කුඩා ලොරි රථයක සඟවා තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය අතර වැඩි ප්‍රමාණයක් මුහුදු ජලය එක්වූ ඒවා බව පෙනී ගොස් තිබේ.
සීනිමෝදර නිවෙසේ මියගොස් සිටි තරුණයින්ගෙන් එක් අයෙක් යට ඇඳුම පිටින් සිට ඇත. ඔහුගේත් අනෙත් තරුණයාගේත් සිරුරේ වැලි ගෑවී තිබී ඇත. එම වැලි මුහුදු වැලි බවට සැක කරයි. ඔවුන් වෙරළට ගොස් බෝට්ටුවෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය ලොරි රථවලට පැටවීමට සම්බන්ධ වී ඇතැයි පොලීසිය සැකකරනුයේ ඒ අනුවය. එය සැකයන් තහවුරු කෙෙරන තොරතුරුද විමර්ශකයන්ට ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස්කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගිය අයගේ මරණ පරීක්ෂණ තංගල්ල අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලදුව විවෘත තීන්දුවක් ලබාදී ඇත.
මුහුදු මාර්ග ඔස්සේ ආ මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමේ දී භාරගෙන බෙදාහැරීමට සම්බන්ධ ජාලයද මේ වන විට පොලීසිය විසින් හඳුනාගෙන ඇත. ඔවුන් මේ වන විට පළාගොස් සැඟවී සිටින බව පොලීසිය සඳහන් කරයි. සීනිමෝදර නිවෙසේ මියගොස් සිටි තරුණයන්ට මත්පැන් බෝතලයක් පවා ලබා දී ඇතැයි අනාවරණය වන්නේ ගොඩබිමේ දී බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ වූවෝය. පොලීසිය සැකකරනු ලබන්නේ එම මත්පැන් බෝතලයට වස එක්කර මොවුන්ට පානය කරන්නට දී ඇති බවය. එසේ නොවන්නේ නම් මුහුදු ජලය එක්වූ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඒවා විෂ වී ඔවුන් මියයන්නට ඇතැයිද පොලීසිය සැකකරයි.
පොලීසිය සඳහන් කරනු ලබන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව සැකපිට ඊයේ (23) සවස් වන විට 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය උනාකූරුවේ තුසිතගේ දරුවන් දෙදෙනාද සිටිති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාම ගැන ඔවුන්ද යම් තොරතුරක් දැන සිටින බවට සැකයක් ඇතිවීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ තුනේ ලියාපදිංචි හිමිකරුවන්ද සිටිති. ඇල්පිටිය, මීටියාගොඩ සහ රත්මලානෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ හැරුණුකොට මත්ද්‍රව්‍ය පැටවූ එක් ලොරියක රියදුරෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලානෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුය. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නා විට නිෙවසේ වහලේ සැඟවී සිට ඇත. උනාකූරුවේ ශාන්ත සමඟ ඔහු සම්බන්ධකම් පවත්වන අයෙක් බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. උනාකූරුවේ ශාන්තගේ ඉල්ලීම මත තමා ලොරි රථය මාස 04කට පෙර කොට්ටාවට රැගෙන ගොස් පුද්ගලයෙකුට භාරදුන් බව ද ඔහු පොලීසියට පවසා ඇත. ඒ වෙනුවෙන් ඔහුට විටෙන් විට උනාකූරුවේ ශාන්ත මුදල්ද ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.
ගල්කිස්ස පොලීසියට මෙම සැකකරු භාර දී ඇත්තේ වැඩිදුර විමර්ශන සඳහාය. එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබේ.
සෙසු සැකකරුවන්ද රඳවාගෙන දීර්ඝ ලෙස විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි. මෙම විමර්ශන කොටස් කිහිපයක් යටතේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සිදුවේ. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 10කට ආසන්න ප්‍රමාණයක් යොදා තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා එක්ව සිටිති.
මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට මෙරටට එවා ඇති බවට හඳුනාගෙන සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් වන උනාකූරුවේ ශාන්ත හා කළු සාගර යන දෙදෙනාටම ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති බව සඳහන්ය.
පාතාලයේ ගෝඩ් ෆාදර්වරයෙක් ලෙස කුප්රකටව සිටි මාකඳුරේ මධුෂ් පාතාලයට එක්වන්නේද උනාකූරුවේ ශාන්ත සමඟ එක්වය. එකල ඔවුන් දෙදෙනාම බස් රථ රියදුරන් ලෙස කටයුතු කර ඇත. උනාකූරුවේ ශාන්ත ප්‍රබල දේශපාලනඥයෙකුගේ බිරියකගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙසද කලක් කටයුතු කර ඇති බවට තොරතුරුද ඇත.
කළු සාගර නමැති පාතාලයේ අපරාධකරු මරණීය දණ්ඩනය නියම වී සිටින්නෙකි. අඟුණකොළපැලැස්සේ දී 1998 වසර් පෙබරවාරි 18 වැනිදා මව පියා දරුවන් ඇතුළු එකම පවුලේ පවුලේ 06 දෙනෙකුට වෙඩි තබා කපාකොටා බෝම්බ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඔහු ඇතුළු 10 දෙනෙකුට 2018 වසරේ ඔක්තෝබර් 11 වැනිදා තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.
කළු සාගරට එරෙහිව අපරාධ ගොන්නක් පොලිස් පොත්වල ලියැවී ඇති අතර බැංකු කොල්ලකෑම්, මිනිස් ඝාතන, ඒ අතර බොහෝමයක් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart