
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ හෝ ගරුත්වයෙන් කටයුතු නොකළ හොත් ඔවුන්ට සදාකාලිකව විපක්ෂයේ සිටීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ පක්ෂ දෙක මේ මොහොතේ එක් එක් පාර්ශවය වෙත ගරුත්වයෙන් කටයුතු කරමින් එකඟතා සඳහා එළඹිය යුතු බවයි.
එවැනි ක්‍රියාවලියකදී නායකත්වය වැනි කරුණු සම්බන්ධයෙන් පවතින ප්‍රාථමික ගැටළු මතු නොකළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සිදු කළ යුතු වන්නේ පැරණි ගැටලු හෝ මත්භේද ඉදිරියට ගෙන යාම නොව නව වැඩපිළිවෙළක් යටතේ පක්ෂ දෙක මේ මොහොතේ සිට ඉදිරියට කටයුතු කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart