
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග ලොරි රථ කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දක්වා සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ඊයේ සොයාගැනුණු මත්ද්‍රව්‍ය තොගය විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මෙහෙයවන බවට සැකකෙරෙන ‘උනාකූරුවේ ශාන්ත’ නමින් හැඳින්වෙන පාතාල කල්ලි සාමාජිකයාට අයත් බවයි.
පුද්ගලයන් දෙදෙනකු මියගොස් සිටියදී සොයාගැනුණු සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගැණුනු තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයා ‘උනාකූරුව තුසිත’ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ‘උනාකූරුවේ ශාන්ත’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ මෙරට ක්‍රියාකරු ලෙස සැලකේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන්, මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි රථ තුනෙහි හිමිකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
සියලුම සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart