
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 56 වැනි වියේ පසුවිය.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන 5.45ට පමණ ඔහු මියගොස් තිබේ.
නලීන් කලාකරුවෙක් පමණක් නොවදේශපාලනය වෙනුවෙන් ද සිය ජීවිතය කැප කළ දේශපාලනඥයෙකි.
සරත් ෆොන්සේකා ගේ නායකත්වය සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් 2014 පළාත් සභා මැතිවරණයට තරග කළ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.
1969 මාර්තු 30 වැනිදා උපන් නලින් සිනමාව වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය තුළ ද ප්‍රතිභාත්මකව සිය රංගනය ඉදිරිපත් කළේය.
නලීන්ගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙනි.
තාරකා මල්, පරාවර්තන සහ ආසයි මං පියාඹන්න චිත්‍රපටවලට ද ඔහු පසුව දායක විය.
ජූරිය, කැලණි පාලම, මේඝ, මෝදර මෝල, මී හරක්, නව හුණුවටයේ කතාව, සෙවනැලි ඇද මිනිස්සු, සුද්දෙක් ඔබ අමතයි යන වේදිකා නාට්‍ය නලීන් ප්‍රදීප් උඩුවෙලගේ විශිෂ්ට රංග කෞෂල්‍ය ඉදිරිපත් වූ නාට්‍ය කිහිපයකි.
බට්ටී, බාලොලි, ඇත්කඳ ලිහිණි, ඉර අවර, ඉසුරු පවුර, මිල්ලෑව වලව්ව, ඇතුළු ටෙලි නාට්‍ය 42කට වැඩි ප්‍රමාණයකට ද ඔහු රංගනයෙන් දායක වී තිබේ.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart