
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟය සඳහා අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලූ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වූ සහෝදරයන් දෙදෙනෙකු ඉන්දියාවේ පිම්ප්‍රි චින්ච්වාඩ් පොලිසියේ අපරාධ අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනාගේ සහචරයන් සෙවීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පිම්ප්‍රි චින්ච්වාඩ් පොලිසියේ දේපළ අංශයේ කණ්ඩායමක්, අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලූ සැකකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මත කටයුතු කරමින් සිට තිබිණි.
ලැබුණු තොරතුරු මත පදනම්ව, අපරාධ අංශයේ කණ්ඩායමක් සැප්තැම්බර් 20 වැනිදා රාත්‍රියේ පිම්ප්‍රි හි අවන්හලක් අසල ප්‍රදේශයක් වටලා තිබේ.
වැටලීමේදී, පිම්ප්‍රි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ගිරිෂ් මුල්චන්ද් ඉස්රානි (31) සහ ඔහුගේ සහෝදරයා වන විකී මුල්චන්ද් ඉස්රානි (34) යන සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
විමර්ශනවලින් හෙළි වූයේ සැකකරුවන් දෙදෙනා බුකිකරුවන් ලෙස කටයුතු කරන බවත් මාර්ගගත වේදිකාවක් හරහා ඔට්ටු ඇල්ලූ බවත්ය.
“අපගේ කණ්ඩායම පරිශ්‍රය වැටලූ අවස්ථාවේදී, සැකකරුවන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයක් සඳහා ඔට්ටු අල්ලමින් සිටියා. අපි සැකකරුවන් රඳවා තබාගෙන ඔට්ටු ඇල්ලීමට ඔවුන් භාවිත කළ දුරකථන අත්අඩංගුවට ගත්තා. අපගේ පරීක්ෂණයෙන් පෙනී යන්නේ ගිරිෂ් ව්‍යාපාරිකයකු බවත් විකී ජැමෙයිකාවේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ සේවය කර ටික කලකට පෙර ඉන්දියාවට ආපසු පැමිණි බවත්.” යනුවෙන් අපරාධ අංශයේ නිලධාරියෙක් පැවසීය.
“මෙම දෙදෙනා මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ වේදිකාවක පිවිසුම් හැඳුනුම්පත් නිර්මාණය කර තිබුණා. මෙම සැකකරුවන් දෙදෙනාගේ සහචරයන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳ අපි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම වරද මහාරාෂ්ට්‍ර සූදු වැළැක්වීමේ පනත යටතේ ලියාපදිංචි වරදක්.” යනුවෙන් ද ඔහු පැවසීය.
පූනේ සහ පිම්ප්‍රි චින්ච්වාඩ් පොලිසි පසුගිය වසර කිහිපය තුළ වැටලීම් කිහිපයක් සිදු කර ඇති අතර එහිදී අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සහ IPL තරඟ සඳහා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සූදුව වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම අපරාධයක් බව විමර්ශකයන් පෙන්වා දී තිබේ.
බොහෝ විට කුප්‍රකට අපරාධකරුවන් ඔට්ටු ඇල්ලීමේ ජාවාරම්වලට සම්බන්ධ බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart