
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 200 කට අධික මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ සහ හෙරොයින් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
අද උදෑසන පොලිසිය විසින් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව කියන අතහැර දැමූ නිවසක් තුළ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
එම නිවස ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක තිබී මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණය සොයා ගත් බව ද පොලිසිය පැවසීය.
මේ අතර සීනිමෝදර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරමින් පවතින නිවස අසල නවතා තිබූ තවත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී ‘අයිස්’ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
ඉන් අනතුරුව පොලිසිය සිදු කළ පුළුල් පරීක්ෂණවලදී කොමඩු ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබු බවට සැකකෙරෙන ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම කිලෝග්‍රෑම් 200 කට අධික ‘අයිස්’ සහ හෙරොයින් විශාල තොගය සහ ගිනි අවි කිහිපයක් ද සොයා ගෙන තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart