
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් රාජකාරියෙන් පරිබාහිර ක්‍රියා සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ 2024 ඔක්තෝබර් 3 වන දින අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට අල්ලස් කොමිසම ලිඛිතව කමන්ත තුෂාර වෙත දන්වා ඇතැයි ද වාර්තා වේ.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ප්‍රතිපත්තියක් ලෙස ආරක්ෂක නිලධාරීන් ලබාදෙන්නේ තර්ජන මට්ටම් නිසි ලෙස තක්සේරු කිරීමෙන් පසුව පමණක් වන නමුත්, පසුගිය කාලසීමාවේදී එවැනි ඇගයීම් නොමැතිව විවිධ පුද්ගලයන්ට ආරක්ෂක නිලධාරීන් ලබා දී ඇති බවයි.
පොලිස් නිලධාරීන් සහ අනෙකුත් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ ආකාරයෙන් අනුයුක්ත කර තිබූ බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව, එවැනි නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ආපසු කැඳවූ අතර, එවකට ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද ලැයිස්තු මගින් ඒ සම්බන්ධයෙන් සිදුව ඇති විවිධ අක්‍රමිකතා පෙන්නුම් කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාර්යාවන්ට පවා ආරක්ෂක නිලධාරීන් වෙන්කර ඇති බවත්, සමහර අවස්ථාවල කාන්තා නිලධාරීන් ඇතැම් පිරිමි මන්ත්‍රීවරුන් සඳහා අනුයුක්ත කර ඇති බවත් ලේඛනවලින් හෙළි වූ බව ඔහු පවසයි.
එබැවින් මෙම යෙදවීම් නිසි ක්‍රියාපටිපාටිය හරහා සිදුකර නොමැති බවත්, එවැනි කටයුතු සිදුකළ ඉහළ මට්ටමේ පාර්ශවයන් සහ ඒවායින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කළ යුතු බවත්, අනතුරුව රජයට සිදු වූ පාඩු අයකර ගතයුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart