
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
විදේශ අමාත්‍යාංශයට අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජපාන අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සමුළුවකදී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් මෙරට නැගී එන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමුකරමින් ටෝකියෝවේ ප්‍රධාන ජපන් ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ ඉහළ මට්ටමේ නියෝජිතයන් සහභාගී වන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට ද නියමිතව ඇත.
‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනයේ දී ජපාන රජයේ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට නියමිත අතර අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආර්ථික විභවය ඉස්මතු කිරීම මෙම උත්සවයේ අරමුණයි.
ජනාධිපතිවරයා සිය සිව්දින ජපාන සංචාරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ.
ජපාන සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart