
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් ලබාගෙන ඇති රුපියල් මිලියන 8,000කට අධික මුදලක් අවභාවිත වී ඇතැයි ඒ පිළිබඳ සොයාබැලීමට වත්මන් රජය බලයට පත් වූ පසු පත් කරන ලද වංචා දූෂණ විමර්ශන කමිටුව මඟින් අනාවරණය කරගෙන තිබේ.
මේ කාලයේදී සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළ අතර, එකල මේ අරමුදලේ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සොයාබැලීමට පසුගිය ජූලි මාසයේදී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව එම කමිටුව විසින් මේ අවභාවිතය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගෙන ඇතැයි බුද්ධශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පෙරේදා (20) මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ කළේය.
මහජන මුදල් අවභාවිත කළ සියලු පුද්ගලයන්ට එරෙහිව එම වාර්තාව ලැබුණු පසුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම මෙහිදී කියාසිටියේය.
2017 සිට 2020 දක්වා වූ කාලසීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මූල්‍ය සහාය දීමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරු රැසක් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු අනාවරණය වී තිබිණි.
එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත්කිරීමට පසුගිය මැයි මාසයේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව අදාළ කාර්යය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.
මෙම ත්‍රිපුද්ගල කමිටුව පසුගිය ජූලි මාසයේදී ඒ අනුව පිහිටුවන ලදී.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart