
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව, මෑතකදී ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දෙවැනි රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
පාර්ලිමේන්තු මට්ටමින් ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පිහිටුවන ලද එම සංගමයේ රැස්වීමේදී, මෙම තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව අනෙකුත් විදේශීය ජාතිකයන්ට ද බලපාන බවට අවධානයට යොමුව ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරට අනුව, මෙම කාරණය වැඩිදුර සලකාබැලීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශීය සේවකයන් පිළිබඳ කමිටුවට යොමුකර ඇති අතර, කමිටුව එහි ඊළඟ සැසියේදී මෙම ගැටලුව සලකා බැලීමට නියමිතය.
ඊට අමතරව, මෙරට පාර්ලිමේන්තුවේ නිලධාරීන් සඳහා ඊශ්‍රායලයේ පුහුණු අවස්ථා ලබාදීමේ හැකියාව පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම සාකච්ඡාවට ඊශ්‍රායල-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ට්සේගා මෙලාකු, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නියෝජිතයින් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හේමන්ත ඒකනායක සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart