September 22, 2025

අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත රන් ආලේපිත උණ්ඩ රඳවන(මැගසින්) ඇතුළු අවිආයුධ සොයාගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙලෙස සොයාගෙන ඇති අවිආයුධ අතර, උණ්ඩ 115ක්, මැගසින් දෙකක්, විදෙස් රටක නිෂ්පාදිත අත් බෝම්බයක්, පිස්තෝල අවියක් වේ.

මිද්දෙනිය ප්‍රදේශයේ තලාව දකුණ විරෝධාගම සඟවා තිබියදී මෙම අවි සහ උණ්ඩ සොයාගෙන ඇත.