
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රතිකාර ලබමින් සිටියදී පිළිකා රෝගියකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පවුලේ ඥාතීන් ඇතුළු පස්දෙනකු වාට්ටුවේ වෛද්‍යවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මරණීය තර්ජන එල්ල කරමින් පැයකට ආසන්න කාලයක් වාට්ටුවේ සිරකර ගෙන සිටි පුවතක් නාගොඩ ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ 16 වාට්ටුවේ වෛද්‍යවරයකු සහ එහි කාර්ය මණ්ඩලයේ සිව්දෙනකු මෙසේ පීඩාවට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර උතුර පදිංචිව සිටි අයෙකු පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 දා රාත්‍රී මියගොස් ඇත.
ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පස් දෙනෙක් අලුයම 2ට පමණ රෝහලට බලහත්කාරයෙන් ඇතුළුවී තිබූ බව පොලිසිය පවසයි.
පසුව එහි වෛද්‍යවරයා, පිරිමි සහ කාන්තා හෙදියක මෙන්ම සහායක සේවිකාවක පැයකට ආසන්න කාලයක් වාට්ටුවෙන් බැහැර යෑමට හෝ දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට ඉඩ නොදී තර්ජනය කරමින් වාට්ටුවේ රඳවාගෙන සිට ඇති බවත්, රෝගීන්ද මේ හේතුවෙන් මහත් මානසික පීඩාවට පත්ව සිටි බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මියගොස් ඇති තැනැත්තාව කොළඹට මාරුකර යවන ලෙස සහ ඒ සඳහා ගිලන් රථයක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පෙරදින දෙපාර්ශ්වය අතර කථාබහක් සිදුව එය බහින්බස්වීමක් දක්වා දුරදිග ගොස් තිබූ බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට අදාළ වෛද්‍යවරයා විසින් කර ඇති පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවද කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart