
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ මේ දක්වා සිදුකළ වැටළීම්වලින් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ගිනිඅවි විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් පැවසුවේ, එලෙස සොයාගැණුනු මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 955, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,422, හෂීස් කිලෝග්‍රෑම් 471, කොකේන් කිලෝග්‍රෑම් 29, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක් සහ මත්පෙති මිලියන 3.5 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
එම මෙහෙයුම්වලදී ටී56 ගිනි අවි 61ක් සහ පිස්තෝල 62ක් ඇතුළු ගිනිඅවි 1721ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට වෙඩි තැබීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර තුවක්කුකරුවන් 38 ක්, යතුරුපැදිකරුවන් 27 ක් සහ සහායකයන් 263 ක් සිටින බව පැවැසේ.
මේ අතර, ජනවාරි 12 වැනිදා සිට පොලිසිය දිනපතා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එම කාලය තුළ පුද්ගලයන් 5,101,516ක් සෝදිසි කර ඇති අතර සැකකරුවන් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 4,630 දෙනෙකු අපරාධ ක්‍රියාවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත.
එමෙන්ම බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් 46,909ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් 3,404 දෙනෙකුට නඩු පවරා ඇති බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart