
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස්ප්‍රෙස් පර්ල් නැව් සමාගම අනතුරට පත් සිය නෞකාව සම්බන්ධයෙන් වන වන්දි නඩුව සිංගප්පූරු අන්තර්ජාතික වාණිජ අධිකරණයට පැවරීමට එකඟතාවකට පැමිණ ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
කොන්දේසි විරහිත ගිවිසුමක් යටතේ, සිංගප්පූරුවේදී ශ්‍රී ලංකා රජය විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩු ලේඛන පසුගිය සෙනසුරාදා (08) පැවැති නඩු විභාගයේදී නැව් සමාගමේ නීතීඥවරුන් වෙත භාරදෙන ලෙස සිංගප්පූරු අධිකරණය නියෝග කර ඇත.
මේ අතර, එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් නිකුත් කරන ලද වන්දි හිමිකම් සීමාව පිළිබඳ තීන්දුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා රජයට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවද නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, එක්ස්ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් සිදු වූ හානියට අදාළ එකඟතා සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත්කළ විශේෂ කණ්ඩායමේ නියෝජිතයන් දින දෙකක සාකච්ඡා සඳහා ජූලි 17 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart