
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්කම් සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුතු වන්නේ ඔහු විසින්ම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දී එම වත්කම් සම්බන්ධයෙන් සත්‍යය කුමක් ද යන්න අනාවරණ වන තුරු බාහිර පර්ශවයන් ඒ සම්බන්ධයෙන් අදහස් නොදැක්විය යුතු බවයි.
දේශපාලඥයින්ට ද පෞද්ගලික ජීවිතයක් ඇති බැවින් ඊට ගරු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයන් සඳහා මුහුණ දී ඇති පුද්ගලයෙකු බැවින් තමන් සත්‍ය අසත්‍යතාව ඔප්පු වන තුරු වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් නොදක්වන බවයි.
එය තමාගේ දේශපාලන සංස්කෘතිය මෙන්ම ප්‍රතිපත්තිය ද නොවන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු මුහුණ දුන් අපහසුතා සඳහා තවත් පුද්ගලයෙකු මුහුණදීම දැකීම සිය කැමැත්ත හෝ අපේක්ෂාව නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart