September 19, 2025

කලවාන පොලිස් ස්ථානයේදී පැවැති පොලිස් පරීක්ෂණයක් අතරතුර එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

තම බාල පුතුන්ගේ බිරින්දෑවරුන් අනවසරයෙන් තම ගෙවත්තේ තේ දලු නෙළන බවට චෝදනා කරමින් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පවුල් ආරවුලකට සම්බන්ධ පාර්ශ්වයන් එම ස්ථානයට කැඳවූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

පරීක්ෂණය අතරතුර සිදුවූ බහින්බස්වීමක්දී එක් කාන්තාවක් තවත් කාන්තාවකට සහ පොලිස් ස්ථානයේ සිටි තවත් පුද්ගලයකුට බහින්බස්වීමක්දී එල්ල කර තිබේ.

පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාම කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.