
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් භාවිත කරමින් බිම් මට්ටමේ මාර්ග නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර මූල්‍ය සහයෝගීතාව සඳහා වන රාමුගත ගිවිසුම් යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ආරම්භ කරන ලද බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
කෙසේවෙතත්, එවක පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් හංගේරියානු එක්සිම් බැංකුව විසින් අරමුදල් සැපයීම අත්හිටුවීමත් සමඟ, කොහුවල ගුවන් පාලම කොන්ත්‍රාත් අරමුදල් භාවිත කරමින් නිම කර මහජනතාව සඳහා විවෘත කරන ලදී.
ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද මේ දක්වා ඇනහිට තිබෙන අතර බිම් මට්ටමේ මාර්ග ජාලය නිම නොවී පවතින බැවින් පදිකයන් දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ.
ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරිම් යළි ආරම්භ කිරීමට අදාළ කැබිනට් තීරණය මෙසේයි;
කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩකටයුතු යළි ආරම්භ කිරීම
– හංගේරියානු රජය සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති මූල්‍ය සහයෝගිතාව සඳහා වන රාමුගත ගිවිසුම යටතේ ලැබෙන අරමුදල් මඟින් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. රට තුළ එවකට පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, හංගේරියාවේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සැපයීම අත්හිටුවීමෙන් අනතුරුව, කොන්ත්‍රාත්කරුගේ අරමුදල් යටතේ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් කර රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබේ. එසේ වුවද, බිම් මට්ටමේ මාර්ග නිම කර නොමැති බැවින් පදිකයන්ට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අත්හිටවූ තත්ත්වයෙන්ම තවදුරටත් පවතී. ඒ අනුව, වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම් මට්ටමේ මාර්ග සම්පූර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart