
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන යොදාගත් බවට සැකකෙරෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණ නියෝග වලට අනුව දින හතක් කළුතර අපරාධ කොට්ඨාසයේ භාරයේ රඳවාගෙන සිටි ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු විසිඑකක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමේදී එම නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස් දෙකක් අඩංගු කෑන් 14ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැකකරන තවත් උපකරණ රැසක්ම කළුතර අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන ඇත.
එමෙන්ම එම අවන්හලේ නවතා තිබූ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම මෝටර් රථය මීට පෙර පොලිස් නිලධාරියකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථය වේ.
මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයන් කිහිපදෙනෙකු හා මෙරට පුද්ගලයන් කිහිපදෙනකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවත්, එම ඉරාන ජාතිකයන් මේ වන විට මෙරටින් පළාගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේවෙතත් මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අනිත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart