
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් එම ආයතනය එහි වත්මන් රාමුව යටතේ සැබවින්ම ස්වාධීන යැයි සැළකිව හැකිද යන්න රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි.
කොමිසමේ අයවැය ඇස්තමේන්තු සාකච්ඡා කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කමිටුව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
“මා දන්නා පරිදි, මෙහි සාර්ව මට්ටමේ ගැටළුවක් තිබෙනවා. මූලික ප්රශ්නය වන්නේ ස්වාධීනත්වය යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද යන්නයි. ආයතනයකට මූල්‍ය ස්වාධීනත්වයක් නොමැති නම්, එය ස්වාධීන යැයි කියා ගන්නේ කොහොමද ? එවිට ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය පත් කිරීමට බලය ඇත්තේ කාටද යන්න පිළිබඳ ගැටළුව පැන නගිනවා.” යනුවෙන් ආචාර්ය ද සිල්වා සඳහන් කළේය.
කමිටුව අමතමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේ කොමිසම සඳහා කැපවූ කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විධිවිධාන සලසා තිබුණද, වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එය ක්‍රියාත්මක කර නොමැති බවයි.
මේ අතර, ආචාර්ය ද සිල්වාගේ නිරීක්ෂණවලට අනුකූලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව බරපතළ ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න පිළිගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart