
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සුනඛ වන්ධ්‍යාකරණය වෙනුවට ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවට සත්ව සුභසාධන සන්ධානය කණස්සල්ල පළකර තිබේ.
මෙම පියවර අයාලේ යන සුනඛ ගහනය වැඩි කළ හැකි බවටත් අවසානයේ සමූහ ඝාතනයකට හේතු විය හැකි බවටත් එම සන්ධානය අනතුරු ඇඟවීය.
සත්ව සුභසාධන සන්ධානයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර පැවසුවේ මෙම ප්‍රතිපත්තියට අදාළ ලියකියවිලි ලබන සඳුදා (15) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
“මෙම ප්‍රතිපත්තිය අනුමත වුවහොත්, වන්ධ්‍යාකරණ වැඩසටහන් අත්හිටුවන්න ඉඩ තියෙනවා. එමඟින් අයාලේ යන සුනඛයන් වැඩි වෙලා අනාගතයේදී ඔවුන් මරා දැමීමට ඉඩ තිබෙනවා. වන්ධ්යාකරණයකින් තොරව, රජයට සුනඛ ගහනය පාලනය කිරීමට බැහැ. එය බරපතළ ගැටළුවක් වෙයි,” යනුවෙන් ඔහු පැවසීය.
වෛද්‍ය නානායක්කාර සඳහන් කළේ පවතින සුනඛ ගහනයෙන් සියයට 70ක් එන්නත් කිරීම ජලභීතිකා රෝගය තුරන් කිරීමට උපකාරී වුවද, ඉලක්කය සපුරා ගත හැක්කේ සුනඛ ගහනය අඩු කළහොත් පමණක් බවයි.
“සුනඛ ජනගහනය වැඩි වුවහොත්, සියයට 70 සීමාවට ළඟා වීමට නොහැකි වෙන්න පුළුවන්, එම නිසා වන්ධ්‍යාකරණය අත්‍යවශ්‍යයි,” ඔහු අවධාරණය කළේය.
ජලභීතිකා එන්නත සහ වන්ධ්‍යාකරණ වැඩසටහන්වල බිම් මට්ටමේ යථාර්ථයන් සළකා බැලීමකින් තොරව ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇති බවට සත්ව සුභසාධන සන්ධානය තවදුරටත් චෝදනා කළේය.
මෙම ක්‍රියාවලියේදී දේශීය සත්ව සුභසාධන සංවිධාන හෝ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා නොකළ බව ද එම සන්ධානය කියයි.
අයාලේ යන සුනඛයන් වැඩිවීම මාර්ග අනතුරු සංඛ්‍යාව වැඩි කිරීමට සහ නාගරික ප්‍රදේශවල සැරිසරන බල්ලන් වැඩි වීමට හේතු විය හැකි බවට වෛද්‍ය නානායක්කාර අනතුරු ඇඟවීය.
සත්ව සුභසාධන සන්ධානයට අනුව, බිම් මට්ටමේ මෙහෙයුම්වල ක්‍රියාකාරීව නිරත නොවන පෞද්ගලික පශු වෛද්‍ය නිලධාරීන්ගේ අදහස්වලින් පමණක් ප්‍රතිපත්තිය සංවර්ධනය වෙමින් පවතී.
ජලභීතිකා රෝගය පාලනය කිරීමේදී එන්නත් කිරීම හා සමානව වන්ධ්‍යකරණය වැදගත් බව අන්තර්ජාතික සත්ව සුභසාධන සංවිධාන පිළිගන්නා බව ද සන්ධානය පෙන්වා දුන්නේය.
ජලභීතිකා රෝගය පාලනය කිරීම සහ එන්නත් කිරීමේ වැඩසටහන් කළමනාකරණය කිරීමේදී වසර ගණනාවක් තිස්සේ අසාර්ථක වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විවේචනය කරමින්, ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පමණක් නොව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) සතු බව සත්ව සුභසාධන සන්ධානය අවධාරනය කළේය.
“ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීමකින් තොරව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රට තුළ බරපතළ ගැටළු ඇති කරන්න පුළුවන්. අවසානයේ අනාගතයේදී මෙම සුනඛයන් මරා දැමීමට හේතුවක් වෙන්නත් පුළුවන්,” යනුවෙන් වෛද්‍ය නානායක්කාර අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart